💊💊💊විටමින් සහ food supplement වර්ග දැනගෙන බොමු – ලිපි අංක 01💊💊💊
සාමාන්‍යයෙන් මේක වැඩිය කතා කරන්න අකමැති ටොපික් එකක් ඒකට හේතුව තමයි අන්වශ්‍ය රැලි නිර්මාණය වෙන එක. ඒක අනික් දේවල් වලට එච්චර ප්‍රශ්නයක් නොවුනට මේ විටමින් වර්ග සම්බන්ධයෙන් කතාව වෙනස්.මේ ෆේස්බුක් මල් යායට මොනවා හරි දෙයක් ගැන දැම්මම හෙවිල්ලක් බැලිල්ලකින් තොරව රැල්ලට යන බහුතරයක් දෙනා ඉන්නවා. තමන් තනියෙන් දේවල් හොයන්න උනන්දු අය අඩු නිසයි හානියක් නොවී හැමෝටම ලස්සනට ඉන්න මේ ගෲප් එක හැදුවෙ. එතකොට මටත් බැ න බැ න රැලිවලට පශ්චාත් බාගයක් දෙන ගමන්ම ගසාගෙන යන සෙට් එක ගැන නම් මට වැඩක් නෑ ඒත් මෙතන ඉන්නවා ලක්ශ තුනකට අධිකව අපිව විශ්වාස කරන සාමාජිකයෝ පිරිසක්. මං ඔයාලව පෞද්ගලිකව දැන අඳුරන්නෙ නැති උනත් මේ ගෲප් එක ඇතුලේ ඔයාලගෙ වගකීම තියෙන්නෙ මට. ඉතින් මොන සුනඛ කතා අහන් හරි ඔයාල වෙනුවෙන් වගකියන්න වගවෙන්න තමයි මං මොලේ තියෙන ටීම් එකක් හදලා තියෙන්නෙත්. කවුරු මොන ප්‍රොඩක්ට් එක ගැන මොනව දැම්මත් අපේ ගෲප් එක හොයන් ඇවිත් අපෙන් අහන ඔයාල වෙනුවෙන් අද ඉඳන් මේ ලිපිපෙල ලියනවා.සර්ච් බාර් එකත් නැති එකෙ ලයික් එකක් කමෙන්ට් එකක් සෙයාර් පාරක් දාගෙන යන්න. හැමෝටම පෝස්ට් පේන්න ගන්නවා එතකොට..හරිතෙ.
❌විටමින් වර්ග food supplement වර්ග රැල්ලට බොන්න හොඳයිද??
කොහෙත්ම නෑ. කවුරුත් කිව්ව පලියට ඔයාට හිතෙන හිතෙන විදියට මේ ලෝකේ තියෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න හොඳ නෑ. ඒකෙනුත් ඇඟ ඇතුලට ගන්න දේවල් විටමින් වර්ග / food supplement වර්ග කවදාවත් රැල්ලට බොන්න හොඳ නෑ. බෙහෙත් ගැන දන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය මාත් එක්ක එකඟ වෙයි.
❌ මේවා ගන්න වෛද්‍ය නිර්දේශයක් අවශ්‍යද??
මගේ මතය නම් ඔව්!! වෛද්‍ය නිර්දේශයක් නැති නම් අඩුම තරමේ ෆාමසිස්ට් කෙනෙක් nutritionists කෙනෙක්ගෙන්වත් උපදෙසක් ඇතිව යොමුවෙනවා නම් ගොඩක් හොඳයි.
❌ වෛද්‍ය නිර්දේශයක් නැතිව ගන්නම බැරිද??
අපෝ පුළුවන්. ඩොක්ටර් කෙනෙක්ගෙන් අහන්නෙ නැතුව ගන්න පුළුවන් මෙන්න මේ වගේ අයට⬇️⬇️
✅ ඔයාට නිධන්ගත රෝග නැත්නම්
✅ ඔයා මොනව හරි අසනීපෙකට පොඩි කාලසීමාවකට හෝ බෙහෙත් පාවිච්චි කරන්නෙ නැති කෙනෙක් නම්
✅ ඔයා අඩුම අවුරුද්දකට වතාවක් වත් medical check up එකක් කරලා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හොඳ අවධානෙන් ඉන්න කෙනෙක් නම් ( ඔයාගේ අක්මාව / වකුගඩු දෙක විශේෂයෙන්ම )
✅ බෙහෙත් වර්ග ගැන දැනුවත් කෙනෙක් නම් ( ඒ ගැන ඉගෙන ගත්ත කෙනෙක් නම්)
ඔයාට පැකිලීමකින් තොරව අදාල විටමින් වර්ගය ගැන සප්ලිමන්ට් එක ගැන දැනුවත් වෙලා ඔයාගේ අවශ්‍යතාවය පරිදි ගන්න පුළුවන්..
🟩🟩අපි අද කතා කරමු perfectil Multivitamin / Mineral supplements එක ගැන. 🟩🟩
මේක ගැන ගොඩක් ලමයි පෝස්ට් එවන නිසා නමෝවිත්තියෙන් ලියන්න තෝරගත්ත.
✅ Perfectil කියන්නෙ මොකක්ද ??
Perfectil කියන්නෙ UK brand එකක්. මේක multivitamin / mineral Supplement එකක්. Multivitamin එකකට විටමින් වර්ග ඛණිජ ලවණ එකකට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි. එතකොට මේකෙන් වෙන්නෙ සරලවම ඔයාට නීරෝගි සමක් නියපෙලක් සහ කොණ්ඩයක් ලබාගන්න අවශ්‍ය කරන විටමින් සහ ඛණිජ ලවණ ඔයාගේ ශරීරයට ලබාදෙන එක.
✅ ඔයා මේක ගන්න ඕන ඇයි?? අනිවාර්යයෙන් ගන්න ඕන දෙයක්ද??
ඔයාගේ ආහාර රටාව අවුල් නම් , මස් මාළු කිරි බිත්තර එලවළු පලතුරු ධාන්‍ය වර්ග පලාවර්ග මේ හැමදෙයක්ම එක්ක හොඳ සමබර ආහාර වේලක් ඔයා දවසට ගන්න කෙනෙක් නම් ආහාර රටාවෙ ප්‍රශ්න නැත්නම් ඔයාට පෝෂණ අතිරේකයක හෝ මල්ටිවිටමින් එකක අවශ්‍යතාවක් තදින් දැනෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ට මේක අත්‍යාවශ්‍ය නෑ.
ආහාර රටාව අවුල් නම් , පෝෂණ ඌණතාවයන් තියෙනවා නම් සහ ඒවයේ ප්‍රතිඵලයක් විදියට කොණ්ඩෙ යනවා නම් නියපෙල ශක්තිමත් නැත්නන් හමේ ප්‍රශ්න ඇවිත් නම් ඔයාට මේ වගේ multivitamin එකක් පාවිච්චි කරන්න පුළුවන් .
‼️ විටමින් ඌණතාවයක් තියෙනවද බලන්න ඌණතා ලක්ෂණ වලින් පුළුවන් එහෙම නැත්නම් vitamin profile එකක් බලන්න පුළුවන් ‼️
✅ එක දිගට ගන්න පුළුවන් කාලසීමාව?
වෛද්‍ය උපදෙස් මත ගන්නවා නම් ඒක වෛද්‍යවරයා තීරණය කරයි. ගොඩක් වෙලාවට මාස 03-04ක කාලයක් තමයි ගන්න කියන්නෙ. ඒ කාල සීමාව ඇතුලේ ඔයාට තිබුන ඌණතා ලක්ශන සමේ නියපෙලේ කෙස් වල තිබුන ගැටළු ගොඩක් දුරට පහව යනවා. නැවතත් ඔයාට ඒ ප්‍රශ්න මතුවෙන කාලෙක ආයේම මේක අරන් බොන්න පුළුවන් .. ඒක මාස 03ක්ද අවුරුද්ද්කද අවුරුදු පහක්ද කියලා නෑ. අවශ්‍යතාව ආවම ගන්න එක දිගට අරන් නැති ලෙඩ හදාගන්න එපා.
✅ Daily dose එක එහෙම නැත්නම් දිනකට ගන්න ඕන ප්‍රමාණය
ටැබ්ලට් දෙකක්. ප්‍රධාන කෑම වේල් දෙකකට පස්සේ. මේ multivitamin එක බොන්න නම් ඔයාගෙ බඩ හොඳට පිරිලා තියෙන්න ඕන. උදේ හෝ රාත්‍රී කෑම වේලෙන් පස්සේ ඊට ආසන්නවම වගේ මේක ගත්ත නම් හරි. කෑම වේලෙන් විනාඩි 15-20කට පස්සෙ වගේ)
‼️ මේක විතරක් බීලා ඔයාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නෙ නෑ. හොඳට සමබර ආහාර වේලක් ගන්න. සමහර අයට multivitamin බොද්දි බඩගිනි එනවා. හැමෝටම නෑ. බඩගිනි වැඩියෙන් එද්දි වැඩියෙන් කෑවම මහත් වෙනවා මිසක මේකයි මහත්වීමයි අතර සම්බන්ධයක් නෑ හැමෝටම වෙන්නෙත් නෑ‼️‼️
✅ සුදු වෙනවද??
හොඳම විහිලුව තමයි මේක.කවදාවත් මල්ටිවිටමින් එකක් බීලා ඔයාව සුදුවෙන්නෙ නෑ. ඒ නිසා ඔලුව අතගාල ඔයාව ගොනාට අන්දනවා නම් කවුරු හරි පීස් අන්තට්ටුව ගලවන්න. මල්ටිවිටමින් බීලා සුදුවෙන්න බෑ. රටේම තියෙන බ්ලීචින් ක්‍රීම් ගාලා තියෙන ඔක්කොම ට්‍රීට්මන්ට් කරලා කවුරු හරි කෙනෙක් මේකෙන් සුදුවෙනවා කියලා ඔයාලගෙ ඇඟේ ග හන්න හදනවා නම් අනේ අහුවෙන්නෙපා ලමයි. විටමින් වර්ග වලට අමතරව තියෙන antioxidants වගේ දේවල් නිසා සමට පොඩි glow එකක් එන්න පුළුවන් . ඒක සුදුවීමක් පැහැපත් වීමක් කියල කවදාවත් කියන්න බෑ. ඔයා මේ දේවලුත් ගන්න ගමන් හරියට skin care කරලා අව්වෙම් පරිස්සම් වෙනවා නම් කොහොමත් පැහැපත් වෙනවා. ඒ නිසා ගොඩක් කළු කෙනෙක් කිසිම දෙයක් නොකර perfectil විතරක් බීලා බලලා සුදුවෙන්න පැහැපත් වෙන්න බලාපොරොත්තු තියාගන්න එපා ඒව බොරු මරිසි.
✅Ingredients and benifits ( අන්තර්ගතය ප්‍රථිලාභ)
🌿විටමින් (L-ඇස්කෝර්බික් අම්ලය (විටමින් C), කැල්සියම් පැන්ටොතෙනේට්, DL-ඇල්ෆා ටොකෝෆෙරිල් ඇසිටේට් (විටමින් E), නිකොටිනාමයිඩ්, එර්ගොකාල්සිෆෙරෝල් (විටමින් D), සයනොකොබලමින් (විටමින් B12), තයමින් මොනොනිට්‍රේට් (විටමින් B1), බයෝටින්, රයිබොෆ්ලැවින් (විටමින් B2), පිරිඩොක්සීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් (විටමින් B6), ෆෝලික් අම්ලය): විටමින් නිරෝගී සම, හිසකෙස් සහ නියපොතු සඳහා සහාය වේ. විටමින් C සමේ නම්‍යතාවය සඳහා කොලජන් සෑදීම ප්‍රවර්ධනය කරන අතර විටමින් E ඔක්සිකාරක ආතතිය කළමනාකරණය කිරීමට උපකාරී වේ. බයෝටින් සහ විටමින් B6 ඇතුළු B-සංකීර්ණ විටමින්, හිසකෙස් වර්ධනයට සහ හිස්කබලේ සෞඛ්‍යයට දායක වේ. නිකොටිනාමයිඩ් සහ ෆෝලික් අම්ලය පැහැදිලි සම සඳහා තෙල් සමතුලිතතාවය පවත්වා ගැනීමට උපකාරී වන අතර විටමින් D සමස්ත සම සහ හිසකෙස් සෞඛ්‍යයට සහාය වේ.
🌿ඛනිජ (මැග්නීසියම් ඔක්සයිඩ්, සින්ක් සල්ෆේට්, ෆෙරස් ෆුමරේට්, කුප්‍රික් සල්ෆේට්, මැංගනීස් සල්ෆේට්, ක්‍රෝමියම් ට්‍රයික්ලෝරයිඩ්, සෝඩියම් සෙලිනේට්, පොටෑසියම් අයඩයිඩ්, ඩයිකල්සියම් පොස්පේට්): ඛනිජ සම සහ හිසකෙස් නඩත්තු කිරීමේදී කාර්යභාරයක් ඉටු කරයි. සින්ක් තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථි සඳහා සහය වන අතර යකඩ හිසකෙස් වර්ධනය සඳහා ඔක්සිජන් සැපයුමට දායක වේ. මැග්නීසියම් සම අලුත්වැඩියා කිරීමට උපකාරී වන අතර තඹ සහ මැංගනීස් සුමට සම සඳහා කොලජන් සහ ඉලාස්ටින් පවත්වා ගැනීමට උපකාරී වේ. ක්‍රෝමියම් සම සහ හිසකෙස් සෞඛ්‍යය පිළිබිඹු කරමින් සමස්ත පරිවෘත්තීය ක්‍රියාකාරකම් සඳහා සහාය වේ.
🌿L-සිස්ටීන් හයිඩ්‍රොක්ලෝරයිඩ්: L-සිස්ටීන් ශක්තිමත් හිසකෙස් සහ සමේ ව්‍යුහය සඳහා අත්‍යවශ්‍ය වන කෙරටින් නිෂ්පාදනයට සහාය වේ. එය ඔක්සිකාරක ආතතිය කළමනාකරණය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන අතර හිස්කබලේ සෞඛ්‍යයට සහාය වන අතර හිසකෙස් වර්ධනය සහ ඝනකම ප්‍රවර්ධනය කරයි.
🌿මිදි බීජ සාරය: මිදි බීජ සාරය සමේ නම්‍යතාවය පවත්වා ගැනීමට උපකාරී වන අතර රැළි පෙනුම අඩු කිරීමේ කාර්යභාරයක් ඉටු කරයි. එය හිස්කබලේ සංසරණයට සහාය වන අතර එය ශක්තිමත් සහ සෞඛ්‍ය සම්පන්න හිසකෙස් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන අතර සමතුලිත සමකට දායක වේ.
🌿බීටාකැරොටින්: බීටාකැරොටින් සමේ සෛල පිරිවැටුම සඳහා සහාය වන අතර ඒකාකාර තානයක් සහ සුමට වයනයක් පවත්වා ගැනීමට උපකාරී වේ. එය හිස්කබලේ සහ කෙස් කළඹේ සෞඛ්‍යයට දායක වන අතර, සමස්ත සමේ සජලනය හා පෝෂණය සඳහා කාර්යභාරයක් ඉටු කරයි.
✅මෙන්න මේ ටිකත් වෙනවා කියලා product එකේ සඳහන් වෙනවා
💊UV ආලෝකයට එරෙහිව සටන් කර කොලජන් සෑදීම ප්‍රවර්ධනය කරයි.
💊රැළි අඩු කර සම සුමට කරයි.
💊කුරුලෑ හෝ කුරුලෑ කළමනාකරණය කිරීමට උපකාරී වේ.
💊කෙස් කළඹට සම්බන්ධ තෙල් ස්‍රාවය කරන ග්‍රන්ථි පවත්වා ගනී.
💊කෙස් වර්ධනය වැඩි දියුණු කරන අතර කෙස්වල ඝනකම වැඩි කරයි.
ඕනම දේකට side effects තියෙනවනේ ඒක මේකටත් පොදුයි
‼️අතුරු ආබාධ මොනවාද?‼️
මලබද්ධය.
පාචනය.
බඩේ අමාරුව.
අසාත්මිකතා.
කැසීම.
කැසීම.
ඉදිමීම.
කරකැවිල්ල.
‼️‼️ ගන්න පුළුවන් තැන් ‼️‼️
ලඟම ෆාමසියට යන්න. සාධාරණ මිලට ලංකාව පුරාම හැම ෆාමසියකම එදා ඉඳන් තිබුන ප්‍රොඩක්ට් එකක් ඕක .. ගිනි ගනන් දීලා ඔන්ලයින් ගන්න එපා.
මං හිතනවා ඔයාලට ලිපිය පැහැදිලි ඇති..vitamin and supplements ගැන හරියට ඉගෙන ගන්න workshop පැත්තෙත් එන්න. https://chat.whatsapp.com/FargIoLwnqYI8SAtc08n46
https://whatsapp.com/channel/0029Va6bhFJGZNCrI2lfYO2M
මේක හැමෝටම බලන්න සෙයාර් කරන්න..
Hasheeni –
Admin (ලස්සනට ඉමු beauty group )
කතෲ අයිතිය සුරකින්න.




