💊💊Vitamin සහ supplement වර්ග රැල්ලට නොයා දැනගෙන බොමු -ලිපි අංක 02💊💊
🟩Blackmores Hair nail and skin multivitamin🟩
අද කතාකරන්න යන්නෙත් ගොඩක් ජනප්‍රිය multivitamin food supplement එකක් ගැන. මේක විශේෂයෙන් ඔයාගේ කෙස් , නියපෙල හා සමේ නීරෝගිකම පවත්වාගෙන යන්න වැදගත් වෙන multivitamin එකක්. Australia සහ newzeland යන රටවල් දෙකේම නිශ්පාදනය කරනවා..
🟩මෙයින් ලැබෙන ප්‍රයෝජන🟩
✅කොලජන් ගොඩනැගීමට සහාය වේ
✅නියපොතු ශක්තිමත්ව පවත්වා ගෙන යන අතර නියපොතු පැලීම අඩු කරයි
✅සමේ අඛණ්ඩතාව සහ හිසකෙස් සෞඛ්‍යයට සහාය වේ
✅විභව මුක්ත ඛණ්ඩක හානිවලින් ආරක්ෂා වීමට උපකාරී වේ. වයස් ගත ලක්ශන ඇතිවීම පාලනය කරයි
✅සාමාන්‍ය සෞඛ්‍යයට සහ යහපැවැත්මට සහාය වේ.
✅ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යයට සහාය වේེ.
✅ ඔයා මේක ගන්න ඕන ඇයි?? අනිවාර්යයෙන් ගන්න ඕන දෙයක්ද??
ඔයාගේ ආහාර රටාව අවුල් නම් , මස් මාළු කිරි බිත්තර එලවළු පලතුරු ධාන්‍ය වර්ග පලාවර්ග මේ හැමදෙයක්ම එක්ක හොඳ සමබර ආහාර වේලක් ඔයා දවසට ගන්න කෙනෙක් නම් ආහාර රටාවෙ ප්‍රශ්න නැත්නම් ඔයාට පෝෂණ අතිරේකයක හෝ මල්ටිවිටමින් එකක අවශ්‍යතාවක් තදින් දැනෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ට මේක අත්‍යාවශ්‍ය නෑ.
ආහාර රටාව අවුල් නම් , පෝෂණ ඌණතාවයන් තියෙනවා නම් සහ ඒවයේ ප්‍රතිඵලයක් විදියට කොණ්ඩෙ යනවා නම් නියපෙල ශක්තිමත් නැත්නන් හමේ ප්‍රශ්න ඇවිත් නම් ඔයාට මේ වගේ multivitamin එකක් පාවිච්චි කරන්න පුළුවන් .
‼️ විටමින් ඌණතාවයක් තියෙනවද බලන්න ඌණතා ලක්ෂණ වලින් පුළුවන් එහෙම නැත්නම් vitamin profile එකක් බලන්න පුළුවන් ‼️
✅ එක දිගට ගන්න පුළුවන් කාලසීමාව?
වෛද්‍ය උපදෙස් මත ගන්නවා නම් ඒක වෛද්‍යවරයා තීරණය කරයි. ගොඩක් වෙලාවට මාස 03-04ක කාලයක් තමයි ගන්න කියන්නෙ. ඒ කාල සීමාව ඇතුලේ ඔයාට තිබුන ඌණතා ලක්ශන සමේ නියපෙලේ කෙස් වල තිබුන ගැටළු ගොඩක් දුරට පහව යනවා. නැවතත් ඔයාට ඒ ප්‍රශ්න මතුවෙන කාලෙක ආයේම මේක අරන් බොන්න පුළුවන් .. ඒක මාස 03ක්ද අවුරුද්ද්කද අවුරුදු පහක්ද කියලා නෑ. අවශ්‍යතාව ආවම ගන්න එක දිගට අරන් නැති ලෙඩ හදාගන්න එපා.
✅ Daily dose එක එහෙම නැත්නම් දිනකට ගන්න ඕන ප්‍රමාණය.
ටැබ්ලට් දෙකක්. ප්‍රධාන කෑම වේල් දෙකකට පස්සේ. මේ multivitamin එක බොන්න නම් ඔයාගෙ බඩ හොඳට පිරිලා තියෙන්න ඕන. උදේ හෝ රාත්‍රී කෑම වේලෙන් පස්සේ ඊට ආසන්නවම වගේ මේක ගත්ත නම් හරි. කෑම වේලෙන් විනාඩි 15-20කට පස්සෙ වගේ)
‼️ මේක විතරක් බීලා ඔයාගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වෙන්නෙ නෑ. හොඳට සමබර ආහාර වේලක් ගන්න. සමහර අයට multivitamin බොද්දි බඩගිනි එනවා. හැමෝටම නෑ. බඩගිනි වැඩියෙන් එද්දි වැඩියෙන් කෑවම මහත් වෙනවා මිසක මේකයි මහත්වීමයි අතර සම්බන්ධයක් නෑ හැමෝටම වෙන්නෙත් නෑ‼️‼️
🟩Active ingredients ප්‍රධාන අමුද්‍රව්‍ය හා ප්‍රයෝජන🟩
Active ingredients per tablet
✅Silicon colloidal anhydrous (silica) 18 mg
සිලිකා යනු අස්ථි, දත් සහ කාටිලේජ සෑදීම සඳහා සම්බන්ධ වන අතිශය අංශු මාත්‍ර මූලද්‍රව්‍යයකි (කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වේ). සිලිකා බහුල ආහාර අතරට සම්පූර්ණ ධාන්‍ය වර්ග, විශේෂයෙන් ඕට් මස් සහ දුඹුරු සහල් සහ එළවළු ඇතුළත් වේ.
✅Ascorbic acid (vitamin C) 30 mg
ඇස්කෝර්බික් අම්ලය (විටමින් C) යනු ශරීරයේ බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන් සඳහා සම්බන්ධ වන ජලයේ ද්‍රාව්‍ය ප්‍රතිඔක්සිකාරක පෝෂකයකි. විටමින් C බොහෝ පලතුරු සහ එළවළු වල දක්නට ලැබෙන අතර, එහි ප්‍රධාන ප්‍රභවයන් වන්නේ කැප්සිකම්, කළු කරන්ට් ඇතුළු, දොඩම් සහ ස්ට්‍රෝබෙරි ය.
✅Folic acid 150 microgram
ජලයේ ද්‍රාව්‍ය B කාණ්ඩයේ විටමින් වර්ගයක් වන ෆෝලේට්, DNA සහ RNA සංස්ලේෂණයට සහ විටමින් B12 එහි ක්‍රියාකාරී ස්වරූපයට සක්‍රීය කිරීමට සම්බන්ධ වේ. ෆෝලික් අම්ලය නැවුම් කොළ පැහැති එළවළු, බ්රොකොලි, හතු, රනිල කුලයට අයත් බෝග, ඇට වර්ග සහ ශක්තිමත් කළ ධාන්‍ය වර්ග වල දක්නට ලැබේ.
✅Calcium pantothenate (pantothenic acid, vitamin B5 20 mg) 21.8 mg
පැන්ටොතනික් අම්ලය (විටමින් B5) ශක්තිය නිපදවීම සඳහා මේද හා කාබෝහයිඩ්රේට් පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ වේ. විටමින් B5 සූරියකාන්ත බීජ, කඩල, බෝංචි (මුං ඇට හැර), කුකුළු මස් සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග වල දක්නට ලැබේ.
✅Ferrous fumarate (iron 3 mg) 9.45 mg
යකඩ යනු අත්‍යවශ්‍ය ඛනිජයක් වන අතර ඔක්සිජන් ප්‍රවාහනය සහ පරිවෘත්තීය ක්‍රියාවලියට සම්බන්ධ වන හිමොග්ලොබින් වැනි ප්‍රෝටීන වල වැදගත් අංගයකි. යකඩ අඩංගු ආහාර අතරට කෙට්ටු රතු මස්, කුකුළු මස්, මාළු, බෙල්ලන්, වියළි පලතුරු, රනිල කුලයට අයත් බෝග, බීට්රූට්, සම්පූර්ණ ධාන්‍ය වර්ග සහ ටෝෆු ඇතුළත් වේ.
✅Zinc amino acid chelate (zinc 7.5 mg) 37.5 mg
සින්ක් යනු ශරීරයේ සෑම ජීව සෛලයකම කාර්යභාරයක් ඉටු කරන අත්‍යවශ්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍යයකි. සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරිත්වය සඳහා සින්ක් අවශ්‍ය එන්සයිම 300 ක් පමණ ඇත. සින්ක් අඩංගු ආහාර අතර මස්, බිත්තර, මුහුදු ආහාර – විශේෂයෙන් බෙල්ලන්, සම්පූර්ණ ධාන්‍ය වර්ග සහ බීජ ඇතුළත් වේ.
✅Manganese amino acid chelate (manganese 1 mg) 10 mg
මැංගනීස් යනු සුපර් ඔක්සයිඩ් ඩිස්මියුටේස් ඇතුළු ශරීරයේ එන්සයිම බොහොමයක සම-සාධකයක් වන අත්‍යවශ්‍ය අංශු මාත්‍ර ඛනිජයකි. මැංගනීස් ලා දුඹුරු, බ්ලැක්බෙරි, අන්නාසි, පරිප්පු, බෝංචි සහ සම්පූර්ණ ධාන්‍ය වර්ග වල දක්නට ලැබේ.
✅Biotin 1.25 mg
බයෝටින් යනු බී කාණ්ඩයේ විටමින් වලට අයත් ජලයේ ද්‍රාව්‍ය පෝෂකයකි. බයෝටින් හි ආහාර ප්‍රභවයන් අතර චීස්, වට්ටක්කා සහ බිත්තර ඇතුළත් වේ. හිසකෙස් වර්ධනයට වැදගත් වේ.
✅Betacarotene 1 mg
බීටා කැරොටින් යනු පලතුරු සහ එළවළු වල, විශේෂයෙන් කැරට් වල දක්නට ලැබෙන මේද-ද්‍රාව්‍ය ප්‍රතිඔක්සිකාරකයකි. ප්රොවිටමින් A ලෙසද හැඳින්වෙන බීටා කැරොටින් ශරීරය තුළ විටමින් A බවට පරිවර්තනය වේ. ශරීරය පැහැපත් කරයි
‼️‼️අනතුරු ඇඟවීම්‼️‼️
❌සැමවිටම ලේබලය කියවා භාවිතය සඳහා උපදෙස් අනුගමනය කරන්න
❌ආහාර වේල ප්‍රමාණවත් නොවන්නේ නම් පමණක් ලබාගන්න. (වෛද්‍ය නිර්දේශය මත ගන්න පුළුවන් නම් හොඳයි)
❌ side effects (අසාත්මිකතා රෝග ලක්ෂණ ) ඇති උනොත් හෝ දිගටම පවතී නම්, වෛද්‍ය උපදෙස් පතන්න
❌ගර්භණී සමයේදී හෝ මව්කිරි දීමේදී භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පිලිපදින්න සෑමවිටම
❌මාළු, සල්ෆයිට් සහ සෝයා බෝංචි නිෂ්පාදන අඩංගු වේ ඒවාට අසාත්මිකතාවන් පවතින්නෙ නම් භාවිතයෙන් වලකින්න.
❌ඔබට පෙරසිට පවතින යම් රෝග තත්වයන් තිබේ නම්, හෝ කිසියම් ඖෂධයක් ලබා ගන්නේ නම්, සෑම විටම මෙය ලබා ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න
අසාත්මිකතා අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන් . ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
මෙම ඖෂධයට ඉතා බරපතල අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් දුර්ලභ ය. කෙසේ වෙතත්, දරුණු අසාත්මිකතා ප්‍රතික්‍රියාවක රෝග ලක්ෂණ ඔබ දුටුවහොත් වහාම වෛද්‍ය උපකාර ලබා ගන්න, ඒවා අතර:
කැසීම/ ඉදිමීම (විශේෂයෙන් මුහුණේ / දිව / උගුරේ), දරුණු කරකැවිල්ල
හුස්ම ගැනීමේ අපහසුතා.
Workshop එකට ලමයි බඳවා ගැනීම් ආරම්භ කලා. මේ දේවල් ගැන වැඩිදුර ඉගෙන ගන්න workshop පැත්තෙ එන්න. https://chat.whatsapp.com/DgRCx0aNsPaIriIEe1rNTs
කතෲ අයිතිය සුරකින්න
Hasheeni Wilwaraarachchi ( ලස්සනට ඉමු with hashee)
ඉල්ලීමක්- හැමෝටම පෝස්ට් එක පේන්න සහ ගෲප් එක රීච් වෙන්න මේක දකින හැමෝම පුළුවන් විදියට ලයික් එකක් කමෙන්ට් දෙක තුනක් හලාගෙන යන්න. ශෙයාර් කරන්නත් පුළුවන් 😊




