#History_Of_Skincare_Kingdoms
අද ආවේ ළමයි වෙනස් වැඩක් අරගෙන ! ඔයාලාට අපි හැමදාම අන්න අර බ්‍රෑන්ඩ් එක මේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන්න කියනවනේ. ඒ වගේම ඔයාලා දන්නවා ඒවා ලෝකෙම පිලිගත්ත විශිෂ්ටම බ්‍රෑන්ඩ්ස් කියලා.
ඉතින් ඔන්න අද ඉඳන් , අපි ඔයාලට ගේනවා එක එක brands වල History එක , ඉතිහාසය , එහෙමත් නැත්නම් ඔයාලා දන්න කියන බබාලාගෙ පවුලෙ විස්තර !
🌸 THE ORDINARY 🌸
ඔයාලා හොඳටම දන්න The Ordinary Skincare Brand එක මුලින්ම පටන් ගත්තේ 2016 දි. එයාගෙ මවු ආයතනය කැනේඩියානු ( Canada,USA) ආයතනයක් වෙන DECIEM. DECIEM ආයතනයේ අයිතිකාරයා Brandon Truaxe. හා හා දැන් දෙවෙනි නම කියවගන්න ගිහින් දිව පටලගන්නෙ නැතුව ඉතූරු ටික කියෝමු 😁 . MR.බ්‍රැන්ඩන් Deciem කම්පනිය හැදුවේ රූපලාවණ්‍ය සහ සම ආරක්ශන කර්මාන්තයක් විදිහට ( Beauty and skincare industry) 2013දී. එයාලගෙ අරමුණ වුනේ වැඩි කොලිටි එකක් සාදාරණ ගානකට දෙන එක.
මේ වෙනකොට ඇමරිකාව කැනඩාව වගෙව් රටවල skincare මිලාධික දෙයක් වෙලා තිබුන නිසා බ්‍රැන්ඩන් මහත්මයා හැදුවා The Ordinary ! ✨️🩷
✨️Mr.Brandon ගේ අරමුණ වුනේ Skincare කියන්නේ සංකීර්ණ මිල අධික දෙයක් කියලා මිනිස්සුන්ව මුලා කරන වෙන company වගේ නොවී, skincare හැමකෙනෙක්ම කල යුතු සාමාන්‍ය දෙයක් කියලා පෙන්නන්න. ඒ නිසා එයා නම තෝරගත්තා “The Ordinary” ඒ කියන්නෙ “සාමාන්‍ය” !
✨️ The Ordinary එකෙන් එයාලගෙ නිශ්පාදන වලට කෙලින්ම එයාලගෙ active ingredient වල නමම දැම්මා. ඒක game changer එකක් උනා. Beauty serum , අර සීරම් මේ සීරම් නැතුව , Niacinamide 10% + Zinc 1% කියලම නම ආවා !
✨️ Niacinamide , alpha arbutin , hyaluronic acid , retinol serums තමයි මුල්ම Ordinary Products ! ඊට පස්සේ මේක උණු කැවුම් වගේ කැනඩාව පුරාම සහ ලෝකෙ පුරාම ව්‍යාප්ත වුනා. Product range එක වැඩි වුනා. ඒකට 2017දී Estée Lauder Investment company එක ලොකු උදව්වක් උනා.
✨️Mr. Brandon ගෙන් පස්සේ Deciem company එකේම Cofounder කෙනෙක් වුන Nicola Kilner the Ordinary එකේ CEO වුනා. එයා British beauty industry executive කෙනෙක් වගේම Skincare brands කීපයක් එක්කම වැඩ කරපු කෙනෙක්. එදා ඉඳන් අද වෙනකන් එයා එක්ක The Ordinary ලෝකේ හොඳම Skincare Brand එකක් විදිහට සාදාරණ මිලට හොඳම ප්‍රතිපල ලෝකෙ හැම කෙනෙක්ටම ලබා දෙමින් ඉන්නවා.
🩷 Mr.Brandon Deciem පටන් ගද්දී , ඒකට කිව්වේ The Abnormal Beauty Company කියලා. ඒකෙන් පේන්නේ අනිත් company වගේ කිසිසේත්ම නෙවේයි කියන එක. High quality දේවල් අඩුමිලකට දෙන චේතනාව යහපත් චේතනාවක්. ඒ යහපත ලෝකය පුරා ගිහින් , පරාවර්තනය වෙලා ආපහු ආව තැනටම එන තැන් , වැටෙන්නෙ නෑ !🩷
🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
පිපී ✍️





