Success Stories

හායි 😁 කැපවීමෙන් ගත්ත රිසාල්ට් එකක් කියන්නයි මේ ආවෙ 😼

 

අගෝස්තු මාසෙ මුල මගෙ අත් වලයි කකුල් වලයි දාඩිය බිබිලි වගේ රෑශ් එකක් ආවා. දැන් රෑශ් එකක් කිව්වට මං ඒ දවස් වල හිතුවෙ රස්නෙට දාඩිය බිබිලි දාලා කියලා. ඒත් මගෙ යාලුවො කීප දෙනෙක්ටත් ඒක හැදිලා තිබුනා. ඔයාලත් පරිස්සම් වෙන්න බස් වල එහෙම යන එන අය. 

 

හරි ඒක නෙවේ කතාව . කෝමහරි ලැක්ටො කැලමයින් ගාලා දවසට තුන්පාරක් විතර ඇඟ හෝදලා ඒක පොඩ්ඩ පොඩ්ඩ අඩු කරගත්තා. දවස් හතරක් විතර තිබ්බා..කසනව කියන්නෙ මර කැසිල්ලක් තිබ්බෙ.රෑ නිදි මරාගෙන මම අත්දෙක කැසුවා. මගෙ නියපොතු කොහොමත් සැරයි. එව්ව මට අදාල නෑ මම නියපොතු රාස්ස පැටියා වගේ වවාගෙන තමා ඉන්නෙත්. කැසුවා කැසුවා පන යනකන් කැසුවා.

 

කෝමහරි හොඳ උනා ලෙඩේ. ඊලග දවසෙ උදේ වෙද්දි මට තිබ්බෙ අවුරුදු 70ක විතර අතක්. රැලි වෙලා , කලු පැල්ලම් අත පුරාම , හම යනව හැබැයි වේලිලා නෑ. ඔය ෆොටෝ එකේ පේනවට වඩා මාර කැතයි. ඕකෙ රැලි පේන්නෙ නෑ. 

 

දෙයියො සිහි උනා. මම පෑන් ඉරක්වත් අතේ ඇඳෙනවට කැමති නෑ. අප්පිරියයි වගේ මට ඒක. පටන් ගත්තා මිශන් එකක්. මිශන් එක තමා දැන් කියන්න යන්නෙ.

 

🍑 දවස් දෙකක් ඇර දවසක් golden body polishing scrub එක කරා

🍑 නැචුරල් ඇලෝ වලට දෙහි බින්දු කීපයක් මිරිකලා උදේ හවස ගෑවා.

🍑 vaseline pink colour එක යි wishcare bodylotion එකයි ගෑවා

🍑 glycolic acid එක දවස් දෙකකට පාරක් යූස් කලා.මේක මගෙ ෆේවරිට් ප්‍රඩක්ට් එකක්. මූනෙ තිබ්බ අඳුරු තැන් ඔක්කොම නැති උනේ මේකට . අත් දෙකට හරියටම හරි ගියා. ගාන ගාන සැරේට වෙනසක් තිබ්බා. කලු පැල්ලම් එකින් එක නැති උනා. 

 

මේ තියෙන්නෙ මාසෙකට පස්සෙ දැන් මගේ අත. ඔය එකම අත. එඩිට් කරල නෑ පේනවනේ තාම චූටි චූටි බිබිලි තියෙනවා. කසපු තුවාල කැලැලුත් යන්තන් තියෙනවා. 

 

පේනවනෙ වෙනස ! කැපවීම තමා. අනේ අත්දෙකනේ ඔන්න ඔහේ ඕන එකක් කියලා හිටියේ නෑ. ඔය මං යූස් කරපු හැම එකක්ම , අඳුරු පැල්ලම් , රැලි වෙච්ච හම ඔක්කොටම රෙකමන්ඩ් කරන්න පුලුවන් දේවල් 😍❤️

 

Golden body polishing scrub 

https://www.facebook.com/share/p/kiWNyHKiqhJBLvjT/?mibextid=oFDknk 

 

The ordinary glycolic acid

https://www.facebook.com/share/p/sNrsmVJBexQZnLtw/?mibextid=oFDknk

 

ප.ලි. : ළමයි , group rules අමතක කරන්න එපා !!!!!!!!!!

 

ඉන්බොක්ස් එන්න එපා. කියන්න තියෙන ඔක්කොම මෙතන කියලා තියෙන්නේ. ඇඩ්මින් පෝස්ට් වල ලින්ක් පවා ඇඩ් කරලා තියෙන්නේ. 

 

ගන්න තැන් අහන්නත් එපා.කියන්නෙ නෑ. ඒවා rules. ඒවා ඔයාලටවත් මටවත් කඩන්න බෑ. 

 

ඔයාලගෙ ප්‍රශ්නෙ මගේ ප්‍රශ්නෙම උනත් හේතුව වෙනස් උනාම කරන්න ඕන දේවල් වෙනස් වෙන්න පුලුවන්. මම පොදුවේ අඳුරු පැල්ලම්, රැලි වැටීම් වලට කරන්න ඕන දේවල් දාලා තියෙන්නේ. ගෲප් එක පීරන්න. ඔයාගෙ ප්‍රශ්න වලට විසඳුම් හම්බෙයි.

 

මේ ගෲප් එක සම්පතක් කියලා ඔයා පිලිගත්ත දවසෙ ඉඳන් ඔයාගෙ ජීවිතේ වෙනස් වෙනවා ❤️

Share the Post:

Related Posts

Sample-img
History Of Skincare Kingdoms 
#History_Of_Skincare_Kingdoms    අද ආවේ ළමයි වෙනස් වැඩක් අරගෙන ! ඔයාලාට අපි හැමදාම අන්න අර බ්‍රෑන්ඩ්...

Recent Daily Reminders

Daily Reminder 09 

Ingredients for reduce darkness of darklips | Dark lips වල darkness එක අඩුකරගන්න පුලුවන් ingredients .

Read More

Recent Product Posts

Recent Natural Treatments

Natural Face Mask

අමුද්‍රව්‍ය 04කින් තරුණ වෙමුද??  වයස්ගත ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරන්න ගොඩක් වැදගත් වෙන Natural face mask එකක් ගැන තමයි මේ කියන්න

Read More

Natural Serum

🍊🍊සම පැහැපත් කරවන natural serum (ස්වභාවික සීරම් ) එකක් ගෙදරදි හදමු🍊🍊   අවශ්‍ය ද්‍රව්‍ය 🍊දොඩම් ගෙඩියක හෝ දෙකක ලෙලි 🍊රෝස

Read More
Share the Post:

Related Posts

Vitamin සහ supplement වර්ග – Part 01

💊💊💊විටමින් සහ food supplement වර්ග දැනගෙන බොමු – ලිපි අංක 01💊💊💊   සාමාන්‍යයෙන් මේක වැඩිය කතා කරන්න අකමැති ටොපික් එකක්

Read More
error: Content is protected !!