ලස්සනට ඇදුම් අදිමු – Part 1 👗👕👚👖
…………………………………………………….
Hi beauty girls😘🤗 ….කොහොමද ඔයාලට…
ඔයාලා දන්නවනේ අපේ ගෲප් එකේ අපි හැමවෙලේම උත්සාහ කරන්නේ ඔයාලට හොද අලුත් දෙයක් දෙන්න කියලා.ඉතිං මේ දවස්වල අලුතින් දේවල් ඔයාලා දකින්න ඇති.මේ topic එකත් ඒ වගේ තමා.මේ ගැන ඔයාලගේ අදහස් ගැනත් කමෙන්ට් කරගෙන යන්න.
🩱👖👚 අද අපි කතා කරන්නේ ඔයාලා ගොඩක්ම Interesting topic එකක් වෙන ඔයා අදින ඇදුමේ ලස්සන වැඩි කරලා පෙන්නන්න පුලුවන් tips 8 ක් ගැන…
🩰 . ඇදුමක පාට 2ක් හරියටම match කරන්නේ කොහොමද ?
ඇදුමක පාට 2ක් කොහොමද මැච් කරලා අදින්නේ කියන එක ඔයාට ප්රශ්නයක් වෙන්න පුලුවන් .මේකෙදි පලවෙනි කාරණාව තමා colour wheel එක ඉගන ගන්න එක.මේකෙන් පුලුවන් මොනවගේ clr දෙකක්ද හොඳින්ම ගැලපෙන්නේ කියලා හොයා ගන්න.
උදාහරණයක් විදියට නිල්පාට ගත්තොත් ඒකට කෙලින්ම තියෙන්නේ තැඹිලි පාට කියලා.තැඹිලි පාට සහ නිල්පාට කියන්නේ ගොඩක්ම හොඳින් compliment කරන්න පුළුවන් පාට දෙකක්.
තවත් උදාහරණයක් ගත්තොත් yellow colour එකට කෙලින්ම තියෙන්නේ violet colour එක.මෙම පාට දෙකත් ඉතාමත් හොඳින් match වෙන පාට දෙකක්.🔵 🟠 ….🟡 🟣 ..
(1st 📷 එක බලන්න.මේ ගැන දිග පෝස්ට් එකක් ඕනා නම් කියන්න)
🩰. Pointed shoes පලදින්න…
ඉතිං මේකට පුලුවන් ඔයාගේ frame එක දිග කරලා පෙන්නන්න.මේවා ඕනම ඇඳුමකට ගැලපෙනවා වගේම ඔයා උසින් අඩු කෙනෙක් නම් ඔයාට දිග කකුල් දෙකක් තියනව කියල පෙන්නන්න පුළුවන්.මේ විදියට තියන flat or high heels පාවිච්චි කරන්න පුලුවන්.
🩰.ගැලපෙන විදියට accessories පාවිච්චි කරන්න..
අපි හිතමුකෝ ඔයා තනි පාට outfit එකක් ඇන්දොත් ඔයාගේ look එක වැඩි කරලා පෙන්නන්න පුළුවන් accessories වලින්.
🧸Belts ; ඔයාගේ ඇඳුමට බෙල්ට් එකක් add කරන එකෙන් සම්පූර්ණයෙන් ඔයාගේ ඇඳුමේ පෙනුම වෙනස් කරන්න පුළුවන්.
උදාහරණයක් ගත්තොත් loose top එකකට හෝ dress එකකට බෙල්ට් එකක් දැමීමෙන් ඔයාගේ ඉන හොඳින් කැපිලා පේනවා වගේම ඔයාගේ ඉන පොඩි කරලා පෙන්නන්නත් පුළුවන්.
🧸. Jewellery ; අනිත් වැදගත් කොටස තමයි jewellery කියන්නේ .උදාහරණයක් විදියට pearl jewellery කියන්නේ කවදාවත් out of style වෙන්නේ නැති දෙයක් ..ඉතින් ඔයාට පුළුවන් කොණ්ඩෙට pearl hair clip, eyering , necklace පාවිච්චි කරන්න.
🩰. Low quality ඇදුම් මගහරින්න..
උදාහරණයක් විදිහට Stretch ඇඳුමක් ගැනීමේදී ඇදුම ඇගිලි වලින් ඇදලා බැලුවහම තිබුණු විදිහටම ඇදුම නැවත පත්වෙනවා නම් ඒක හොද quality ඇදුමක් කියලා කියන්න පුලුවන් ඒ නිසා හැම වෙලේම quality එකටත් මුල් තැන දෙන්න.
🩰.under garments ගැන සැලකිලිමත් වෙන්න ..
මේකෙදි ඔයාගේ උඩට අඳින ඇඳුම් යටට අඳින ඇඳුම් සමග compliment කරන්න ඕනි. උදාහරණයක් විදිහට bra strap එක panty line පේන්නේ නැතුව ඇදීම…
ඕනෑම ඇදුමකට undergarments පේන්නේ නැතුව අදින්න black හෝ nude clr undergarments ගන්න..
🩰. Dress in monochrome
ඔයාගේ look එක වැඩි කරලා පෙන්නන්න පුළුවන් හරිම ලේසි ක්රමයක් තමයි මේ monochrome කියන්නේ…
තනි පාටින් හෝ එක ළඟ යන පාට දෙකකින් ඔයාගේ outfit එක අදින එකෙන් හොද stylish look එකකට යන්න පුලුවන් .
🩰. Body type එක දැනගෙන ඇදුම් ඇදීම.
හැම ඇඳුමක්ම හැම කෙනෙක්ටම නොගැලපෙන්න පුළුවන් ඒ නිසා ඉතාම වැදගත් ඔයාගේ body type එක දැනගෙන ඉන්න එක.මේකෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇඟට ගැලපෙන හරිම ඇඳුම හොයාගන්න.පහල තියෙන පොටෝ එක බලලා ඔයාගේ ඇගේ හැඩය තීරණය කරන්න පුලුවන්. (මේ ගැන පැහැදිලි විස්තරයක් අලුත් පෝස්ට් එකකින් ගේන්නම් )
🩰. Invest in basic clothing
Quality basic ඇදුම් තියා ගත්තොත් අපිට ක්රම කීපයකට අදින්න පුලුවන් නිසා ඒක අපේ සාක්කුවටත් වාසියක්. මොන trend එක ආවත් මේවා out of fashion වෙන්නේ නෑ…
ඉතිං ඔයාගේ wardrobe එකේ තියෙන්න ඕනා කියලා හිතෙන basic ඇදුම් මොනාද කියලා දැනගන්න ඕනා නම් කමෙන්ට් එකක් දාන්න ඊලගට පොඩි පෝස්ට් එකකින් ඒ ගැන කතා කරමු අපි…😁😍
😘😘😘අදට ගිහින් එන්නම් ලස්සන ලමයෝ😘😘😘😘
🪼🦋. ඇදුම් ඇදීමේදි නොදැනුවත්ව කරන වැරදි 7ක් ගැන දැනගන්න..
https://www.facebook.com/share/p/18sfihLkeB/
🪼🦋 workshop එකට join වෙන්න බබාල මෙතනින් එන්න..
https://chat.whatsapp.com/BvCTfMvQriU0ELDBGIzqSN
✍️ Anjali Jayawickrama
⭕❌ උපුටා ගැනීම සහ වෙනත් සමුහ වල පල කිරිම තහනම් ❌⭕





