🧚♀️🧚♀️K – BEAUTY SKIN CARE ROUTINE
( 9 steps )🧚♀️🧚♀️🧚♀️
Part 1️⃣
මේ දවස්වල ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිහින් තියන කොරියන් ස්කින් කෙයර් නැත්තම් k- beauty ගැන තමයි මේ post එකෙන් අරගෙන ආවේ.
අපි කවුරුත් කැමති glass skin එකක් අපිට තියනව නම් ඉතිං මේ කොරියානුවන්ගේ glass skin secret එකක් තමයි skin එක පරිපූර්ණත්වයට පිරිසිදු කිරීම සහ skin එක හොදට hydrating කිරීම.එයාලා මේක step 9 ක routine එකක් විදියට follow කරනවා…🪞💄🫧
මොනාද මේ step කියලා බලමු🤔🤔
01.Oil clenser
02.Water clenser
03.Toner
04.Eassence
05.serum
06.Sheet mask
07.Eye cream
08.Moisturizer
09.Sunscreen (AM routine )
📌️ මේ step 9න් අද අපි step 5ක් ගැන කතා කරමු.පෝස්ට් එක ගොඩක් දිග වෙන නිසා.part 2 පෝස්ට් එක ඉක්මනට අරගෙන එන්නම්…..
(01). Oil clenser 🫧🫧
Oil clenser එකක් මගින් දවස පුරා අපේ මූනේ රැදුනු makeup , sunscreen සහ මුහුනේ සමේ ඇති අතිරික්ත තෙල් ඉවත් කරයි.මෙමගින් මුහුනේ සිදුරු අවහිර වීම වළක්වයි.සමේ moisturizer barrier එක ආරක්ෂා කරයි.පැහැපත් ස්කින් එකකට මේ step එක නන් අනිවාර්යයෙන් කරන්න ඕන.
Product :
🧴. Skin 1004 madagascar centella light cleansing oil
🧴.Anua heartleaf pore control cleansing oil
🧴.beauty of joseons ginseng cleansing oil
🧴.Haruharu wonder black rice moisturizer cleansing oil
(02).water clenser 🫧🫧
Oil clenser එකෙන් පස්සේ අපි නැවත water clenser එකකින් මූන wash කරගන්නම ඕනා.එමගින් සමේ ගැඹුරින් පිරිසිදු කරලා සමේ තෙතමනය සමතුලිත කරයි.ප්‍රබෝධමත් සමක් ඔයාලට ලබා දෙනවා
Product :
🧴cosrx low PH good morning gel clenser .
🧴.Anua heartleaf quercetinol pore deep cleansing forrn
🧴.cosrx salicylic acid daily gentle clenser
🧴.round lab birch juice moisturizing clenser
(03). Toner 🫧🫧
මූන ගැඹුරින් පිරිසිදු කර ගත් පසු විවෘත වී ඇති සිදුරු වසා දැමීමට අනිවාර්යයෙන් ටෝනර් එකක් පාවිච්චි කල යුතුමයි.නැතිනම් face එකෙ acne,pimple තත්ව ඇති වෙන්න පුලුවන්.ටෝනර් එකකින් සමේ PH අගය සමතුලිත කරනවා වගේම ඉදිරියට තියන step සදහා සම සූදානම් කරයි.
Product :
🧴. Anua heartleaf soothing toner
🧴.Cosrx centella water alcohol – free toner
🧴.Cosrx – PROPOLIS SYNERGY TONER
🧴.Beauty of joesoen ginseng essence water .
🧴.YUJA NIACIN brightening toner
(04). Essence 🫧🫧
Skin එක හයිඩ්ඩ්‍රේට් කිරීම සහ පැහැපත් ස්කින් එකකට ,සමේ පෝෂණය වැඩි දියුණු කර නිරෝගි දීප්තිමත් සමක් මෙමගින් ලබා දෙයි.(අධික තෙල් සහිත සමකට මේ step එක skip කල හැක.)
Product :
🧴.Cosrx advance snail 96 mucin power essence .
🧴.mixsoon galctomyces ferment essence
🧴.Nacifc PHYTO NIACIN BRIGHTENING essence
(05). Serum 🫧🫧
මෙය සමෙහි විෂේශිත ගැටලු ඉලක්ක කරගෙන නිපදවයි.බලවත් අමුද්‍රව්‍ය වල ඉහල සාන්ද්‍රනයක් ඇති light texture එකකින් සමන්විත වේ.cream ,moisturizer මෙන් නොව සමට ඉක්මනින් උරා ගනී.
Product :
🧴.beauty of joesoen glow serum propolis + niacinamide (මෙම brand එකේ සීරම් range එකක්ම තියෙනවා )
🧴.yoja niacin blemish care serum
🧴.Innisfree green tea seed serum
🧴.madagascar centella ampoule
🧴.Axis – Y dark spot glow serum
🧴.Anua peach 70 niacin serum 70%
🧴.Haruharu wonder black rice hyaluronic Anti – wrinkle serum
🧴.cosrx the niacinamide 15 serum
(ලංකාවේ මිලදී ගන්න පුලුවන් කොරියන් serum වර්ග කීපයක් පමණක් මෙහි සදහන් වේ.)
🖍️.ඉහත නිෂ්පාදන ඔයාගෙ skin type එකට අනුව තෝරගන්න.original product තෝරගන්න.product පාවිච්චි කරනකොට AM ,PM ගැලපෙන routine එක හදා ගන්න…
🖍️.මිලදී ගන්න තැන් අහන්න එපා.group එකේ authentic places ගැන පෝස්ට් එකක් තියෙනවා බලන්න.
🧚♀️🧚♀️🧚♀️ ඉක්මනට part 2 පෝස්ට් එක අරගෙන එන්නම්….
හැමෝම රූපෙන් වගේම හදවතිනුත් ලස්සනට ඉන්න ඕනේ ලස්සන ළමයෝ…
(උපුටා ගැනීම තහනම් 🤚)
අංජලි ජයවික්‍රම.





